මේ දවස් වල මට කරදර එන්නෙ එක පිට එක. ඔන්න පරිගණකයත් අබ්බගාත වුණා. හරියටම වුණේ මොකක්ද කියල කියන්න තරම් දැනීමක් නැතිවුණත් මට හිතෙන්නෙ දැන් ඒකෙ කාලෙ හරි කියල. ඕකට දැන් අවුරුදු හත අටකට කිට්ටුයිනෙ. මෙච්චර කාලයක් වැඩගන්න පුළුවන් වුණ එකත් ලොකු දෙයක්. කොහොමහරි ඒකත් දැන් ඉවරයි. වෙන එකක් ගන්න අදහස දැන්මම අම්මලාට කිවුවෙ නැත්තෙ, ප්රතිචාරය හොදින්ම දන්න නිසා. මෙච්චර කාලයක් අපේ ගෙදරින්, මමයි, මගෙ පරිගණක රාජයයි තරම් බැණුම් අහපු වෙන කවුරුවත් ඉන්න නැතුව ඇති. ඉතින් දැන්මම අළුත් කොම්පියුටරයක් හම්බවෙන එකනම් හීනයක් තමයි…. ඒ අයත් දැන් හරිම සතුටින් ඉන්නේ. මොකද මේච්චර දවසක් පොතක් අතින් අල්ලන්නේ නැතුව, මේ ලෝකෙ වැඩකට නැති මගුලක් ඉස්සරහින් වාඩිවෙලා කාලෙ කාපු එකා දැන් අඩුම තරමේ නිකං වත් පොතදිහා බලාගෙන ඉන්නවා නෙවැ.(අම්ම කියන්නේ ඔහොම තමයි. ඒත් ඔය වාක්යය පොඩ්ඩක් කපල කොටල හදාගන්න ඕනෙ. මම ඔය කියන තරම් පෝරිසාදයෙක් නෙමෙයි ඕං.
) කොහොමහරි ඒ වැඩෙනුත් සැලකිය යුතු යහපතක් වුණා කිව්වොත් ඒකෙ එච්චර වැරැද්දක් නැහැ. මොකද දැන් පන්ති වල ගෙදරවැඩ කරන්න එහෙම වෙලා වැඩිත් එක්ක.
ගහෙත් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ ඔය අස්සෙ තමයි මගෙ දෙවනි පණ වගේ හිටපු අදරණීය ජංගම දුරකථනයටත් කෙළ වුනේ. කොම්පියුටරේ නැතිවුණාට පස්සෙ හදිස්සියට ෆේස්බුක්කුවට වත් රිංගන්න තිබුණෙ ඕක ව්තරයි. දැන් ඒකත් නැහැ. මොන ගේමක් හරි දීලා හදාගන්න බලන්න ඕනෙ. අම්මලා නම් කියන්නෙ ෆෝන් එකක් වුණහම හදිස්සියකදි කෝල් එකක් ගන්න තිබුණම ඇති කියලා. විකාර
. දැන් කාලෙ ෆෝන් පාවිච්චි කරන උන් කරන්නෙ කෝල් ගන්න එක විතරයැ.
කොහොමවුණත් ඉතින් මට මේ අවුරුදු දෙක යනකං මේ විදිහට තමයි ජීවිතේ ගෙවන්න වෙන්න. A/ලෙවල් හරියට කරගත්තොත් ඉල්ලන ඕනදෙයක් අරන් දෙන්නම් කියලනෙ කියන්නෙ. (එවුවා ඉතින් එදාටනේ…..
) ඔය කිවුවට ඒ ලෙවල් කියන්නෙ මහ මෙරක් වගේ දෙයක්ලු. අහන අහන ගොඩක් එවුන් ෆේල් නෙ. එක්කෝ Sඑකයි අනිත් දෙක ෆේල්. එහෙම නැත්තං Cඑකයි Sදෙකයි. නැත්තං Bඑකයි Cඑකයි Sඑකයි. සමහර උන් තුනම ෆේල්. කලාතුරකින් තමයි A තුනක් අරන් හොදට පාස්වෙන එවුන් ඉන්නෙ. ඉතින් මෙහෙම බලද්දි O/Lවලට වඩා සෑහෙන පරතරයක් A/Lවල තියෙනවා. ඕ ලෙවල් වලට A නවයක් ගන්න සමහර එවුන්ගෙ ඒ ලෙවල් රිසල්ට්ස් ඇහුවහම පිස්සු හැදෙනවා. :O ඕ ලෙවල් A නවයක් අරං, ඒත් ඒ ලෙවල් ෆේල්. ඉතින් A/Lකියන්නෙ බෙල්ල කැඩෙන විබහගයක් කියනඑක අහන්නත් දෙයක්ද? මෙන්න මේ විදිහෙ විභාගයක් තමයි හොදට පාස් වෙන්න කියන්නෙ. තාම පටන් ගත්ත විතරයි, දැනටමත් මේ උගන්නන සමහර දේවල් එක්ක ඔළුව ඔල්මොරොන්දං වෙලා තියෙන්නෙ. ඉස්සරහට මොනව වෙලා නවතියිද දන්නෑග. බලමුකෝ…..
අනේ යකෝ…. තෝ දැං ඉඳන්ම ඕකට බයවෙන්නද හදන්නෙ…. මී හරකෝ බය වෙන්න එපා.. එදා වැඩේ එදා කරගෙන හිටියම හරි…
මටත් දුකයි බං උඹේ කොමී ගැනයි ජදු ගැනයි. මොනව කොරන්නද? සංසරෙ හැටි ඔහොම තමයි. සියලු දේ අනිත්ය ලෝකෙ උඹේ කොමියයි ජදුයි හැම දාම ඉඳීද?? කොහොම හරි හදාගන්න ට්රයි එකක් දීපංකො
උඹට බුදු සරණයි
කොයි දේත් වෙන්නෙ හොදටයි කියනවනේ,විභාගෙ පෑත්තෙන් බෑලුවොත් නම් පාඩම් කරන්න එහෙම හරි වෙලාවක් ලෑබීම හොදයි නෙ
Kathawa nam atta thamai…. Habai A/L goda da gena campus ekakata ringuwoth eeta passe prasna adu wei kiyala hithenawa….. (Kohomath meka lankawa ne… ithin masa 6k 7k uda balan inna kal hamba wenawa…
ithin wibhage hondin iwara karaganna ..
maths කරල c-2, s-1 ක් , c-3 ක් ගත්තත් ඇති…
වැඩෙට ලෑස්ති වෙයන් මල්ලී. පරණ අයගෙන් අහගෙන කරන හැටි ඊටපස්සෙ බැහැපන්. හරියට කරන හැටි කැම්පස් ගිය උන් දන්නවා.
මටත් මෙ දවස් වල හෙනහුරා ගහලනේ
@ IDda :- අනේ නැහැ. බයක් කියලමත් නෙවෙයි. ඒත් ඉතින් හිතේ පොවි විචිකිච්ඡාවක් වගේ එකක් නම් තියෙනවා විභාගෙ හොදට ගොඩදාගන්න පුළුවන් වෙයිද කියලා. කොහොමහරි ගොඩදාගන්න ඕනෙ ඉතින්. නැත්තං වැඩක් නෑනෙ. :B
@ Nuwan :- ඇත්තටම ඒ පැත්තෙන් ගත්තොත් නම් අධ්යාපන කටයුතු වලට යහපතක් වෙලා තියෙන්නෙ…
@ Chathuranga :- ඔව් ඔව්. විභාගෙ කරල ඉවර වුනාට පස්සෙ ලොකු නිදහසක් හම්බවෙයි කියල හිතනවා. මේ අවුරුදු දෙක විතරනේ කට්ට කන්න තියෙන්නෙ. ඒක නිසා ඉතින් මොන කට්ටක් කාල හරි විභාගෙ හොදින් කරගන්න තමයි හිතාගෙන ඉන්නෙ.
@ Kanishka :- ඔව්…. මැත්ස්, සයන්ස් වගේ අමාරු සබ්ජෙක්ට් එකක් කරලා ඔහොම රිසල්ට් එකක් ගන්න එකත් ලොකු දෙයක්.
@ Amila :- ඒක තමයි. දැන්ම ඉදලම වැඩේ පටන් ගත්තොත් පස්සට එච්චර අමාරු වෙන එකක් නැහැ මගෙ හිතේ. කලින් කරපු අයගෙනුත් අහන්න ඕනෙ කොහොමද කරන්නෙ කියලා. අයියා කිවුවත් වගේ කැම්පස් ගිය අයගෙන් ඇහුවනම් සිරාම උපදෙස් ටිකක් ගන්න තිබුණ.
@ දිසා :- හික් හික්…….
මේ දවස් වල ගොඩක් අයට හෙනහුරා නීච වෙලා වගේ නේද?