මෙහෙමත් දවසක්!

අම්මෝ!! මෙහෙමත් දවසක් ගැනනම් නොලියම බැහැ. ඒකයි මාස ගානකින් බ්ලොග් පෝස්ට් එකක් නොලියපු මටත් ලියන්න හිතුනෙ. සමාවෙන්න ඕනෙ.  ඇත්තම කියනවනම් මට ලියන්න කිසිම දෙයක් තිබුණෙ නැහැ. ඉතින් පහුගිය අප්‍රේල් මාසෙ 3වෙනිදට පස්සෙ අද තමයි මේ ලියන්නෙ.

ඊයෙ තමයි මේ සිද්ධිය වුණේ. තවම ඉස්කෝලෙත් පටන් ගත්තෙ නැහැනෙ. ඉතින් දවල් දවසෙ හරිම කම්මැලිකමෙන් තමයි ගෙදර ඉන්නෙ. ඔන්න ඉතින් මොකක්දෝ වුවමනාවකට සුදාරකට කතා කරපු වෙලාවෙ මිනිහ කිවුවා ‘මචං අපි මහජන පුස්තකාලෙට යනවා. උඹත් එනවනං වරෙන්’ කියලා.  එනවනම්?? :O  ආයෙත් අහලා! :)    ඉස්කෝලෙ ළග සෙලින්කෝ කැෆේ එකේදි අපි කට්ටිය සෙට් වුණා. කවුද ඉතින් අපි? සුදාරකයි, ඉද්දයි, මමයි. ඉතින් පාර අයිනෙ පෝනියො බල බල පයින්ම ලයිබ්‍රරියටත් ආවයි කියමුකෝ……. මෙන්න බොලේ ඒකෙ ලියාපදිංචි වෙන්න පාසල් වාර්තා පොතයි, ඉල්ලුම් පත්තරේට අත්සන් කරන්න කොළඹ නගරසීමාව ඇතුළත පදිංචි ඇපකාරයෙකුයි ඕනෙ කියපි! දැන් ඉතින් ඇපකාරයෙක් කොහෙන් හොයන්නද? ඕං ඔය වගේ වෙලාවට තමයි අපේ ඉද්දට ගණදෙවි නුවණ පහළවෙන්නෙ. ‘මචං සුදාරක මම උඹේ ඇපකාරය වෙන්නම්, උඹ අංජුගෙ ඇපකාරය වෙයන්, අංජු මගෙ ඇපකාරය වෙයි…..’ (වෙලාවට ඕක කවුන්ටරේ හිටපු ඇන්ටිට ඇහුණෙ නැත්තෙ. ඇහුණනං ඉතින් ඒ සෙනග ගොඩ ඉස්සරහා හොදට ලුණු ඇඹුල් ඇතුව අහගන්න තිබුණා. :D )

බලාපොරොත්තු වුණ විදිහට ඒ වැඩෙත් කරගන්න බැරිවුණා. කමක් නැහැ, පස්සෙ දවසක හරි එන්න බැරියැ කියලා එතනින් එළියට බැස්සා. ප්ලෑන් එකට අනුව ඊළගට තිබුණේ ICTAඑකට යන්න. විහාරමහාදේවි පාක් එක වටේට රවුම කැරකිලා ටවුන්හෝල් එක ඉස්සරහින් ලේසියෙන්ම 154 බස්එක ගන්න පුළුවන්කම තියෙද්දි ඉද්දා තමයි අපිව හතරවටේට ඇවිද්දෙව්වේ. මිනිහට ඕන වුණේ කොහොමහරි ඉස්කෝලෙ ළගට පයින් ඇවිදිල්ලා එතනින් බස්එක ගන්න. ඔන්න ඉතින් අපි පාර දිගේ පයින් කොට කොට එනවා. දැන් සෙන් බ්‍රිජට්ස් එක ඉස්සරහා……. (ඉද්දට ඕන වුණේ කොහොමහරි මේ බාලිකා පාසල ඉස්සරහින් යන්න කියලා අපිට පස්සෙ තමයි මීටර් වුණේ. ;( මම ඉතින් ඕව ගැන මෙතන වැඩිය කතාකරන්න යන්නෙ නෑ. මිනිහගෙ පෞද්ගලිකත්වයටත් හොද මදි නොවැ. ;) ) ඔන්න ඉතින් අපි ඒ බාලිකා පාසල ඉස්සරහින් ඇවිදගෙන එද්දි……. මළ කෙළියයි! මෙන්න වහින්න පටන් ගත්තා. අතේ කුඩයක්වත් නැහැ…….. ගෙදරින් එළියට බහිද්දි ඕව ගෙන්න මතක්වෙන්නෙ කාටද ඉතින්. එතන ගහක් යටට වෙලා බාගෙට තෙමි තෙමි ඉන්නකොට තමා ඒකෙ අගේ තේරෙන්නෙ. දැන් වෙලාව කීයද දන්නෙ නෑ…. එක හමාර නම් එහෙම මේ ඉස්කෝලෙ ඇරෙනවා…. බැරිවෙලාවත් එහෙම වුණොත් එහෙම, තෙමිච්ච කුකුල් පැටවු වගේ ඉන්න අපි තුන්දෙනාට මෙතනින් එළියට එන ගෑණු සෙට් එක ඉස්සරහා කන්න වෙන චාටර් එක මතක්වෙලා මට හීන් දාඩිය දැම්මා! ;( ඒත් සුදාරකටයි ඉද්දටයි නම් ඒකෙ වගක් නෑ වගේ. ඔන්න මුලින්ම නංගි කෙනෙක් කුඩයක් ඉහළගෙන ගේට්ටුවෙන් එළියට ආවා! එතකොට තමයි අරුන් දෙන්නටත් වැඩේ මීටර් වුණේ. ඒකෙන් කමක් නෑ…. අපි මහ වැස්ස මැද්දෙම එතනින් වාෂ්ප වුණා.

කොහොමහරි වැස්සත් ටික ටික අඩු වෙලා. අපි ආයෙත් ඉස්කෝලෙ ළග සෙලින්කෝ කැෆේ එකට ගිහිල්ලා එතනින් හොදට සප්පායං වෙලා ICTAඑකට යන්න පිටත් වුණා. යන්න ඕනෙ තැනට කෙටිම පාරෙන්, ලේසිම විදිහට අරගෙන යන්න අපේ ඉද්ද කොහොමටත් දක්ෂයිනේ. ;) (කොටින්ම කියනවානම්, මිනිහ හිතාගෙන ඉන්නෙ පාරවල් ගැන මිනිහ තරං දන්න වෙන කවුරුවත් නෑ කියලා) අපි වැඩිම වුණොත් කිලෝ මීටර් 5ක් විතර පයින් යන්න ඇති. ;)

Advertisement
Published in: on June 6, 2009 at 12:26 pm  Comments (4)  

The URI to TrackBack this entry is: http://anjusview.wordpress.com/2009/06/06/%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a-%e0%b6%af%e0%b7%80%e0%b7%83%e0%b6%9a%e0%b7%8a/trackback/

RSS feed for comments on this post.

4 CommentsLeave a comment

  1. රු 2000ක ඇප මුදලක් තියල පුස්තකාලයෙ සාමාජිකත්වය ගන්න පුලුවන්..ඇපකාරයො හොයනවට වඩා ඒක ලේසියි..
    විමර්ශන ශාලාවටයි පාඩම් ක‍රන ශාලාවටයි නම් රු 50ක් ගෙවල කාඩි එකක් ගත්තම යන්න පුලුවන්..

  2. ග’ල්ස්’කූල්ස් ගාව එච්චර කැරකෙන්න එපා මචං.. ඇඟට ගුණ නෑ !!!

  3. හෆොයි මම හිතාගෙන හිටියේ සුපුන් තාම පොඩි එකා කියලා

  4. @Deeps- ඇයි ඇයි? :-o මොකක්ද අවුල? :D


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.