මගේ ජීවිතය සහ විබහගය

මේ දවස් වල මට කරදර එන්නෙ එක පිට එක. ඔන්න පරිගණකයත් අබ්බගාත වුණා. හරියටම වුණේ මොකක්ද කියල කියන්න තරම් දැනීමක් නැතිවුණත් මට හිතෙන්නෙ දැන් ඒකෙ කාලෙ හරි කියල.  ඕකට දැන් අවුරුදු හත අටකට කිට්ටුයිනෙ. මෙච්චර කාලයක් වැඩගන්න පුළුවන් වුණ එකත් ලොකු දෙයක්. කොහොමහරි ඒකත් දැන් ඉවරයි. වෙන එකක් ‍ගන්න අදහස දැන්මම අම්මලාට කිවුවෙ නැත්තෙ, ප්‍රතිචාරය හොදින්ම දන්න නිසා. මෙච්චර කාලයක් අපේ ගෙදරින්, මමයි, මගෙ පරිගණක රාජයයි තරම් බැණුම් අහපු වෙන කවුරුවත් ඉන්න නැතුව ඇති. ඉතින් දැන්මම අළුත් කොම්පියුටරයක් හම්බවෙන එකනම් හීනයක් තමයි….  ඒ අයත් දැන් හරිම සතුටින් ඉන්නේ. මොකද මේච්චර දවසක් පොතක් අතින් අල්ලන්නේ නැතුව, මේ ලෝකෙ වැඩකට නැති මගුලක් ඉස්සරහින් වාඩිවෙලා කාලෙ කාපු එකා දැන් අඩුම තරමේ නිකං වත් පොතදිහා බලාගෙන ඉන්නවා නෙවැ.(අම්ම කියන්නේ ඔහොම තමයි. ඒත් ඔය වාක්‍යය පොඩ්ඩක් කපල කොටල හදාගන්න ඕනෙ. මම ඔය කියන තරම් පෝරිසාදයෙක් නෙමෙයි ඕං. ;) ) කොහොමහරි ඒ වැඩෙනුත් සැලකිය යුතු යහපතක් වුණා කිව්වොත් ඒකෙ එච්චර වැරැද්දක් නැහැ. මොකද දැන් පන්ති වල ගෙදරවැඩ කරන්න එහෙම වෙලා වැඩිත් එක්ක.

ගහෙත් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ ඔය අස්සෙ තමයි මගෙ දෙවනි පණ වගේ හිටපු අදරණීය ජංගම දුරකථනයටත් කෙළ වුනේ. කොම්පියුටරේ නැතිවුණාට පස්සෙ හදිස්සියට ෆේස්බුක්කුවට වත් රිංගන්න තිබුණෙ ඕක ව්තරයි. දැන් ඒකත් නැහැ. මොන ගේමක් හරි දීලා හදාගන්න බලන්න ඕනෙ. අම්මලා නම් කියන්නෙ ෆෝන් එකක් වුණහම හදිස්සියකදි කෝල් එකක් ගන්න තිබුණම ඇති කියලා. විකාර  :P . දැන් කාලෙ ෆෝන් පාවිච්චි කරන උන් කරන්නෙ කෝල් ගන්න එක විතරයැ.

කොහොමවුණත් ඉතින් මට මේ අවුරුදු දෙක යනකං මේ විදිහට තමයි ජීවිතේ ගෙවන්න වෙන්න. A/ලෙවල් හරියට කරගත්තොත් ඉල්ලන ඕනදෙයක් අරන් දෙන්නම් කියලනෙ කියන්නෙ. (එවුවා ඉතින් එදාටනේ….. :( ) ඔය කිවුවට ඒ ලෙවල් කියන්නෙ මහ මෙරක් වගේ දෙයක්ලු. අහන අහන ගොඩක් එවුන් ෆේල් නෙ. එක්කෝ Sඑකයි අනිත් දෙක ෆේල්. එහෙම නැත්තං Cඑකයි Sදෙකයි. නැත්තං Bඑකයි Cඑකයි Sඑකයි. සමහර උන් තුනම ෆේල්. කලාතුරකින් තමයි A තුනක් අරන් හොදට පාස්වෙන එවුන් ඉන්නෙ. ඉතින් මෙහෙම බලද්දි O/Lවලට වඩා සෑහෙන පරතරයක් A/Lවල තියෙනවා. ඕ ලෙවල් වලට A නවයක් ගන්න සමහර එවුන්ගෙ ඒ ලෙවල් රිසල්ට්ස් ඇහුවහම පිස්සු හැදෙනවා. :O ඕ ලෙවල් A නවයක් අරං, ඒත් ඒ ලෙවල් ‍ෆේල්.  ඉතින් A/Lකියන්නෙ ‍බෙල්ල කැඩෙන විබහගයක් කියනඑක අහන්නත් දෙයක්ද?  මෙන්න මේ විදිහෙ විභාගයක් තමයි හොදට පාස් වෙන්න කියන්නෙ. තාම පටන් ගත්ත විතරයි, දැනටමත් මේ උගන්නන සමහර දේවල් එක්ක ඔළුව ඔල්මොරොන්දං වෙලා තියෙන්නෙ. ඉස්සරහට මොනව වෙලා නවතියිද දන්නෑග. බලමුකෝ…..

Published in: on July 11, 2009 at 12:57 pm  Comments (7)  

මෙහෙමත් දවසක්!

අම්මෝ!! මෙහෙමත් දවසක් ගැනනම් නොලියම බැහැ. ඒකයි මාස ගානකින් බ්ලොග් පෝස්ට් එකක් නොලියපු මටත් ලියන්න හිතුනෙ. සමාවෙන්න ඕනෙ.  ඇත්තම කියනවනම් මට ලියන්න කිසිම දෙයක් තිබුණෙ නැහැ. ඉතින් පහුගිය අප්‍රේල් මාසෙ 3වෙනිදට පස්සෙ අද තමයි මේ ලියන්නෙ.

ඊයෙ තමයි මේ සිද්ධිය වුණේ. තවම ඉස්කෝලෙත් පටන් ගත්තෙ නැහැනෙ. ඉතින් දවල් දවසෙ හරිම කම්මැලිකමෙන් තමයි ගෙදර ඉන්නෙ. ඔන්න ඉතින් මොකක්දෝ වුවමනාවකට සුදාරකට කතා කරපු වෙලාවෙ මිනිහ කිවුවා ‘මචං අපි මහජන පුස්තකාලෙට යනවා. උඹත් එනවනං වරෙන්’ කියලා.  එනවනම්?? :O  ආයෙත් අහලා! :)    ඉස්කෝලෙ ළග සෙලින්කෝ කැෆේ එකේදි අපි කට්ටිය සෙට් වුණා. කවුද ඉතින් අපි? සුදාරකයි, ඉද්දයි, මමයි. ඉතින් පාර අයිනෙ පෝනියො බල බල පයින්ම ලයිබ්‍රරියටත් ආවයි කියමුකෝ……. මෙන්න බොලේ ඒකෙ ලියාපදිංචි වෙන්න පාසල් වාර්තා පොතයි, ඉල්ලුම් පත්තරේට අත්සන් කරන්න කොළඹ නගරසීමාව ඇතුළත පදිංචි ඇපකාරයෙකුයි ඕනෙ කියපි! දැන් ඉතින් ඇපකාරයෙක් කොහෙන් හොයන්නද? ඕං ඔය වගේ වෙලාවට තමයි අපේ ඉද්දට ගණදෙවි නුවණ පහළවෙන්නෙ. ‘මචං සුදාරක මම උඹේ ඇපකාරය වෙන්නම්, උඹ අංජුගෙ ඇපකාරය වෙයන්, අංජු මගෙ ඇපකාරය වෙයි…..’ (වෙලාවට ඕක කවුන්ටරේ හිටපු ඇන්ටිට ඇහුණෙ නැත්තෙ. ඇහුණනං ඉතින් ඒ සෙනග ගොඩ ඉස්සරහා හොදට ලුණු ඇඹුල් ඇතුව අහගන්න තිබුණා. :D )

බලාපොරොත්තු වුණ විදිහට ඒ වැඩෙත් කරගන්න බැරිවුණා. කමක් නැහැ, පස්සෙ දවසක හරි එන්න බැරියැ කියලා එතනින් එළියට බැස්සා. ප්ලෑන් එකට අනුව ඊළගට තිබුණේ ICTAඑකට යන්න. විහාරමහාදේවි පාක් එක වටේට රවුම කැරකිලා ටවුන්හෝල් එක ඉස්සරහින් ලේසියෙන්ම 154 බස්එක ගන්න පුළුවන්කම තියෙද්දි ඉද්දා තමයි අපිව හතරවටේට ඇවිද්දෙව්වේ. මිනිහට ඕන වුණේ කොහොමහරි ඉස්කෝලෙ ළගට පයින් ඇවිදිල්ලා එතනින් බස්එක ගන්න. ඔන්න ඉතින් අපි පාර දිගේ පයින් කොට කොට එනවා. දැන් සෙන් බ්‍රිජට්ස් එක ඉස්සරහා……. (ඉද්දට ඕන වුණේ කොහොමහරි මේ බාලිකා පාසල ඉස්සරහින් යන්න කියලා අපිට පස්සෙ තමයි මීටර් වුණේ. ;( මම ඉතින් ඕව ගැන මෙතන වැඩිය කතාකරන්න යන්නෙ නෑ. මිනිහගෙ පෞද්ගලිකත්වයටත් හොද මදි නොවැ. ;) ) ඔන්න ඉතින් අපි ඒ බාලිකා පාසල ඉස්සරහින් ඇවිදගෙන එද්දි……. මළ කෙළියයි! මෙන්න වහින්න පටන් ගත්තා. අතේ කුඩයක්වත් නැහැ…….. ගෙදරින් එළියට බහිද්දි ඕව ගෙන්න මතක්වෙන්නෙ කාටද ඉතින්. එතන ගහක් යටට වෙලා බාගෙට තෙමි තෙමි ඉන්නකොට තමා ඒකෙ අගේ තේරෙන්නෙ. දැන් වෙලාව කීයද දන්නෙ නෑ…. එක හමාර නම් එහෙම මේ ඉස්කෝලෙ ඇරෙනවා…. බැරිවෙලාවත් එහෙම වුණොත් එහෙම, තෙමිච්ච කුකුල් පැටවු වගේ ඉන්න අපි තුන්දෙනාට මෙතනින් එළියට එන ගෑණු සෙට් එක ඉස්සරහා කන්න වෙන චාටර් එක මතක්වෙලා මට හීන් දාඩිය දැම්මා! ;( ඒත් සුදාරකටයි ඉද්දටයි නම් ඒකෙ වගක් නෑ වගේ. ඔන්න මුලින්ම නංගි කෙනෙක් කුඩයක් ඉහළගෙන ගේට්ටුවෙන් එළියට ආවා! එතකොට තමයි අරුන් දෙන්නටත් වැඩේ මීටර් වුණේ. ඒකෙන් කමක් නෑ…. අපි මහ වැස්ස මැද්දෙම එතනින් වාෂ්ප වුණා.

කොහොමහරි වැස්සත් ටික ටික අඩු වෙලා. අපි ආයෙත් ඉස්කෝලෙ ළග සෙලින්කෝ කැෆේ එකට ගිහිල්ලා එතනින් හොදට සප්පායං වෙලා ICTAඑකට යන්න පිටත් වුණා. යන්න ඕනෙ තැනට කෙටිම පාරෙන්, ලේසිම විදිහට අරගෙන යන්න අපේ ඉද්ද කොහොමටත් දක්ෂයිනේ. ;) (කොටින්ම කියනවානම්, මිනිහ හිතාගෙන ඉන්නෙ පාරවල් ගැන මිනිහ තරං දන්න වෙන කවුරුවත් නෑ කියලා) අපි වැඩිම වුණොත් කිලෝ මීටර් 5ක් විතර පයින් යන්න ඇති. ;)

Published in: on June 6, 2009 at 12:26 pm  Comments (4)  
Follow

Get every new post delivered to your Inbox.